• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යාපනයේ නොවිසඳුණු ප්‍රශ්න 180,000ක් බව ඇමැති වජිර කියයි 

13 September 2018
in Uncategorised

යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර වැඩසටහන ආරම්භවීමත් සමගම මෙතෙක් නොවිසඳුණු ගැටළු 180,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. එම ගැටලු විසඳීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් 15ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන අතර දැනටමත් එවැනි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් හතරක් පවත්වා අවසන් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

නොවිසඳුණු ගැටළු වැඩිම ප්‍රමාණක් ඉදිරිපත් වී ඇත්තේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 27,189කි. චාකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 25,613ක් හඳුනාගෙන ඇති අතර පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳුනාගත් නොවිසඳුණු ගැටලු සංඛ්‍යාව 21,623කි.

සන්දිලිප්පායි, උඩුවිල්, කරවටි හා මරුදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශන්හි නිල මෙහෙවර වැඩසටහන් පවත්වා අවසන් කර ඇත. ඒ අනුව සන්දිලිප්පායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හඳුනාගත් ගැටලු 8,735ක්, උඩුවිල් කොටේඨාසයේ හඳුනාගත් ගැටලු 10,691ක්, කරවඩ්ඩි කොට්ඨාසයේ ගැටලු 14,796 ක්, මරුදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 4365ක් විසඳීම සඳහා මෙම ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන් පැවැත්වූ අතර එහි දී එම ගැටලුවලින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයකට එම මොහොතේම විසඳුන් ලබාදුන් බවත් ඉතිරිව ඇති ගැටලු කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරමින් තිබෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සිකුරාදා සිට සඳුදා දක්වා කෝපායි, තෙල්ලිපලෙයි, යාපනය හා වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි පිළිවෙලින් නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් පැවැත්වීමට නියමිතය. ඒ අනුව සිකුරාදා (14) කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙතෙක් හඳුනාගත් ගැටලු 27,189කට විසඳුම් ලබාදීමට නියමිත අතර, තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 13,371ක් සෙනසුරාදා (15) විසඳීමට නියමිත අතර ඉරිදා (16) යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 9,103ක් හා සඳුදා (17) වේලනයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 4,597ක් ද විසඳීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම්ව සිටියි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටින්නේ යාපනය ස්ත්‍රික්කයේ මෙතෙක් හඳුනාගෙන ඇති ගැටලු අතරින් වැඩිම ප්‍රමාණනයක් ඉදිරිපත් වී ඇත්තේ නිවාස, වැසිකිළි හා පානීය ජලය සම්බන්ධයෙන් බවයි. එම ප්‍රමාණය 43,095කි. ඉදිරිපත් වූ ගැටලු අතරින් දෙවැනි තැනට පත්ව ඇත්තේ සමෘද්ධි ඇතුළු දීමනා ඉල්ලම් වන අතර එය සංඛ්‍යාත්මකව 32,431කි. ඉදිරිපත් වූ ගැටලු අතරින් තෙවැනි තැන ඇත්තේ යුද්ධය හේතුවෙන් සැමියා මියයාම හෝ අතුරුදන්වීම නිසා කාන්තාවන් ගෘහ මූළිකත්වය දරණ පවුල්වලින් ඉදිරිිපත් වූ ගැටලු සංඛ්‍යාවයි. මෙය සංඛ්‍යාත්මකව 28,953ක් බව අමාත්‍යවරයා පැවසිය.

 

Post Views: 40
Previous Post

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

Next Post

කාම්බෝජයේ ශ්‍රී ලාංකීක ව්‍යාවසායකයින්ටත් අවස්ථා – අගමැති 

editor

editor

Next Post

කාම්බෝජයේ ශ්‍රී ලාංකීක ව්‍යාවසායකයින්ටත් අවස්ථා - අගමැති 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved