• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

13 September 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.  ශ්‍රී ලංකාවේ දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය  මෙ.ටො. 4 ක් පමණ වන නමුත් හෙක්ටයාර 01 කින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙ.ටො. 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වා දීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් වන BVG India සමාගම ඊයේ (12) දින එකඟතාවය පළ කළේ ය.

BVG India සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ H.R. Gaikwad මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට නව තාක්ෂණය හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී කාබනික ගොවිතැන, කෘමිනාශකවලින් තොරව පළිබෝධ හානි අවම කිරීමට පියවර ගැනීම, කෘමි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති බෝග හඳුන්වා දීම, හිරු එළිය භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘමීන් හසුකර ගැනීමේ උගුල් හඳුන්වා දීම සහ ඒවා භාවිත කරමින් පළිබෝධ හානි වළක්වා ගැනීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව වැඩි දියුණු කිරීම ආදී කරුණු භාවිතාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබී ය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ හවුල්ව ඒකාබද්ධ ආදර්ශන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර BVG සමාගම් සමූහය විසින් (Barath Vikash Group) හඳුන්වා දෙන නව තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට උපදෙස් දුන්නේ ය.

BVG India සමාගම දැනට ඉන්දියාවේ තිබෙන කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන පිළිබඳ ප්‍රමුඛතම ආයතනයකි.එහි සේවය කරන සේවක පිරිස 7500 ඉක්මවන බව කී එහි සභාපතිවරයා, නව කෘෂිකාර්මික තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිදුකරන  බව ද  පැවසී ය.

 

එම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 23
Previous Post

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි – ජනපති කියයි

Next Post

යාපනයේ නොවිසඳුණු ප්‍රශ්න 180,000ක් බව ඇමැති වජිර කියයි 

editor

editor

Next Post

යාපනයේ නොවිසඳුණු ප්‍රශ්න 180,000ක් බව ඇමැති වජිර කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved