27 April 2024
#දේශීය

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත් රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේම මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ අද(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කොළඹ සිටින විදේශීය මාධ්‍යකරුවන් සමඟ හමුවකට සහභාගී වෙමිනි. එම හමුව සඳහා ලොව මුල් පෙළේ විදේශීය මාධ්‍ය ආයතනවල දේශීය ප්‍රවෘත්ති ලේඛකයෝ හමුවට එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බවයි. තමාට ඡන්දය දුන් ජනතාවට ප්‍රධාන අරමුණු දෙකක් තිබුණ බවත් ඉන් එකක් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව හෙතෙම පැවසිය. දෙවැන්න කඩිනම් ආර්ථික සංවර්ධනයක් තුළින් යහපත් සමාජයක් ගොඩනැඟීම බව ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පීගබීග ජයසුන්දර මහතා ද හමුවට එක්ව සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *