• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 ව්‍යාවස්ථාව රාජ්‍ය පාලනයට විශාල බාධාවක් – ජනපති

29 December 2019
in දේශීය

19 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධවක් වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වැඩකරන රටක් බිහි කිරීමේ අරමුණින් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දිය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව ඇති බවයි. ජනතා අපේක්ෂා ඉටුකිරීමට ඉවහල් වන ප්‍රධානතම සාධකය එය බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එකී අරමුණ වෙත ළගා විමට නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සක්‍රීයතාව කාලීන අවශ්‍යතාවකැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

“සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දුන් ජනතාවගේ අපේක්ෂා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම තමා සහ සියලු ජනතා නියෝජිතයන් වෙත පැවරී ඇති අභියෝගාත්මක වගකීමකි.” ඒ සඳහා කැපවීම සියලු දෙනාගේ වගකිම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. “කැළි කසළ ඉවත් කිරීමේ සිට ආර්ථිකය නඟා සිටුවන ඉහළම තැන දක්වා අප ක්‍රියාකරන ආකාරය දෙස ජනතාව මහත් වුවමනාවෙන් බලා ඉන්නවා. දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමේ දී ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. කාර්යක්ෂම සහ මහජන හිතෛෂී රාජ්‍ය සේවයක් සහතික කිරීම සියලුම රජයේ සේවකයන්ගේ වගකිමක්” ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය සේවය සෑමවිටම දුෂණයෙන් තොර විය යුතු බව ද අවධාරණය කෙරිණි.

“රට සංවර්ධන මගට යොමු කොට ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟමින් තිබියදී 2015 දී පැවති රජය පරාජයට පත් විය. ජනතාව එදා රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ සාධක අවබෝධ කරගත යුතුය.”නැතහොත් ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යා නොහැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය

කඩා වැටුණු ව්‍යාපාර දිරිමත් කර ආයෝජකයන් සුරක්ෂිත කරමින් අහිමි වූ රැකියා නැවත ශ්‍රම බලකායට දායක කළයුතුය. එමඟින් ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකි වනු ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය. විදේශීය ආයෝජකයන් 2015ට පෙර රට කෙරෙහි තබා තිබූ විශ්වාසය නැවත ඇති කළ යුතුය. රට නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේ දී විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ දායකත්වය ප්‍රබල ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිවරයා පැවසිය.අපනයනික කෘෂි භෝග සම්බන්ධ ප්‍රතිලාභ මේ වන විටත් ගොවීන්ට ලැබෙමින් පවතී. එමෙන්ම බදු සහන සහ සෙසු උපාය මාර්ගවල ප්‍රතිලාභ සමස්ත ජනතාවට ලැබිය යුතුය.

පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි හා ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු ද හමුවට සහභාගී වූහ.

 

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 13
Previous Post

නව රජයේ පලමු විදේශ ආයෝජන ව්‍යාපෘතියේ වැඩ ඇරඹීම නුදුරේදීම

Next Post

UNP පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිරිකොත ට…

editor

editor

Next Post

UNP පාර්ලිමේන්තු මන්ත්‍රීන් සිරිකොත ට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved