2026 අයවැය යෝජනා අනුව කොන්ත්‍රාත් සහ අනියම් පදනමින් සේවයේ නියුතු සේවකයින් ස්ථිර සේවයට පත්කිරීමේ වැඩසටහන යටතේ, මාර්ග සංවර්ධන අධිකාරියේ වසර ගණනාවක් පුරා සේවය කළ සේවකයින් 197 දෙනෙකු ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ‘මගනැගුම මහමැදුර’ ශ්‍රවණගාරයේදී ඊයේ (17) සිදු කෙරිණි.
රැකියාවේ ස්ථිරත්වය නොමැතිකමින් දිගුකාලීනව විවිධ ගැටළුවලට මුහුණ දී සිටි මෙම සේවකයින්ට ස්ථිර පත්වීම් හිමිවීමත් සමඟ, මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර සේවකයින්ට හිමිවන සියලු වරප්‍රසාදයන් හිමිකම් ලබයි. දිවයිනේ විවිධ පළාත් සහ අංශ නියෝජනය කරමින් බස්නාහිර පළාතෙන් 18 දෙනෙක්, නැගෙනහිර පළාතෙන් 47 දෙනෙක්, උතුරු පළාතෙන් 20 දෙනෙක්, ඌව පළාතෙන් 18 දෙනෙක්, වයඹ පළාතෙන් 10 දෙනෙක්, මධ්‍යම පළාතෙන් 38 දෙනෙක්, උතුරුමැද පළාතෙන් 10 දෙනෙක්, සබරගමුව පළාතෙන් 6 දෙනෙක්, දකුණු පළාතෙන් 5 දෙනෙක්, අක්කරෙයිපත්තුව අතිරේක පළාත්භාර අධ්‍යක්ෂ කාර්යාලයෙන් 10 දෙනෙක්, අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයෙන් 10 දෙනෙක්, විශේෂ ව්‍යාපෘති ඒකකයෙන් දෙදෙනෙක් සහ කොන්ත්‍රාත් සේවයේ යෙදී සිටි තිදෙනෙක් වශයෙන් මෙම පත්වීම් ලබා දී තිබේ.
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම අවස්ථාව, සේවකයින්ගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී மைල්ගලක් සනිටුහන් කළ අවස්ථාවක් විය.
















