සබරගමුව පළාත් ඉඩම්, පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු අමාත්‍යාංශය විසින් කෘෂිකර්මය, සත්ත්ව නිෂ්පාදන, විසිතුරු මත්ස්‍ය හා විසිතුරු ජලජ පැලෑටි මෙන්ම මිරිදිය ධීවර කටයුතු ආශ්රිත කර්මාන්ත සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් නව “සබරගමුව සවිය ණය” යෝජනා ක්‍රමය හඳුන්වා දී තිබේ.
පළාත තුළ මෙම ක්ෂේත්රවල නියැලී සිටින ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර පුළුල් කරගැනීමට මෙන්ම නව ආයෝජන හරහා ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙමගින් සුවිශේෂී රුකුලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















