• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

  1990 සුවසැරිය කාර්ය මණ්ඩලය උප කාර්යාල ගොඩනැගීම අරඹයි

30 August 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාව ප්‍රගතිශීලි මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ දිවයින පුරා විසිරී සිටින කාර්ය මණ්ඩලය සඳහා උප කාර්යාල ඉදිකිරීමේ වැඩසටහන ඊයේ ( 29වනදා) සුභ මොහොතින් නුගේගොඩ, මිරිහාන පොලිස් ස්ථානයේදී 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

දිවයින පුරා මේ වනවිට සුවසැරිය ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වන අතර මේවා නතර කර තිබෙන්නේ පොලිස් ස්ථාන වලයි. මේ ආකාරයෙන් සුවසැරිය කාර්ය මණ්ඩලය සඳහා මෙවැනි උප කාර්යාල 100 ක් මේ වසර අවසන් වනවිට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එළඹෙන වසරේදී තවත් එවැනි උප කාර්යාල 197 ක් ගොඩනැගීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන දැනටමත් වෙන්කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා “1990 සුවසැරිය මගින් ජනතාවට කරන සේවය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ. මෙම උතුම් සේවය ලබාදෙන අපගේ කාර්ය මණ්ඩලය මේ වනවිට ඉන්නේ දිවයිනේ පොලිස් ස්ථාන වලයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහායි අපි මේ උප කාර්යාල ගොඩනැගීම සිදුකරන්නේ. මෙම වැඩසටහන මගින් මෙම සේවය තවත් දියුණු තත්ත්වයට පත්වෙනවා. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන සියළුම දෙනාට මා මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.“

1990 සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට ජනතාව වෙනුවෙන් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කරමින් නොමිලේ සේවය ලබාදෙයි.

 

Post Views: 10
Previous Post

රනිල්ගේ අවසාන තීරණය අද …..ද?

Next Post

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් – කුමාරසිරි කියයි

editor

editor

Next Post

ආර්ථික ප්‍රශ්ණ නිසා ජනතාව ඉන්නේ දැඩි මානසික පිඩනයකින් - කුමාරසිරි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved