27 April 2024
#දේශීය

කැලෑ කපන්නන් හසුකරගන්න 1997 දුරකථන අංකය ක්‍රියාත්මකයි – ඇමැති සරත් කියයි

කැලෑ කපන්නන් පොලිස් රැහැනට හසුකර ගෙන දැඩි දඬුවම් දෙන බවත් ඔවුන් හසු කර ගැනීම සඳහා 1997 දුරකථන අංකය දැන් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ දී පැවැති උත්සවයකදීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් පරිසර ඒකකය ට විශේෂ නව ඒකකයක් ඇතුලත් කළ බවත් ඔවුන්ට වාහන දීලා විශේෂ කාර්යය බලකායත් එකතු කරලා විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක කර බව අමාත්‍යවරයා පැවසිය.

වනාන්තර එළි කිරීම ඇතුළු ව විශේෂ පරිසර විනාශයන් පිළිබඳව ජනතාවගෙන් තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වන බවත් මේ කටයුතු සඳහා ජනතාවගේ තොරතුරු ලබා ගැනීම සඳහා 1997 දුරකථනය දුරකථන අංකය හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා පැවසිය.

මෙසේ පරිසරය වනසන්නන් ට එරෙහිව දැඩි දඬුවම් දීමේ ක්‍රමවේදයක් නීති ප්‍රකාරව සකසා ඇති බවත් හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේ “පරිසරය විනාශ කරනවා කියන්නේ රටක විනාශ කරනවා කියන එකයි. ඒ වගේම ඉදිරි පරම්පරාවට අපේ රට අහිමි කිරීමයි. එනිසා අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව විශේෂ අවධානයක් සැලකිල්ලක් යොමු කර නිසි අවබෝධයකින් තමා මට උපදෙස් දීලා තියෙන්නේ මේ පිළිබඳව පෙනී හිටින්න කියලා. මහජන ආරක්ෂක ඇමති විදිහට මෙම කටයුත්ත අකුරටම ඉටු කරනවා. මේ සඳහා ජනතාවගේ ද උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. රට ගැන හිතලා මේ වගේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වන්නන්ගේ තොරතුරු අපට ලබා දෙන්න. අපි ඉතා ඉක්මනින් අදාළ ස්ථානවලට ආරක්ෂක නිලධාරීන් යොදවලා මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බව ද ඉතා ඉක්මනින් විශාල වෙනසක් ජනතාවට ඉදිරියේදී දැක ගත හැකි බව ද පැවසීය. මෙවැනි තොරතුරු ලබා දෙන්නන් විශේෂ ඇගයීමකට ලක් කරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ක්‍රියාත්මක ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *