• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මිනිපේ යෝධ ඇළ සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

22 February 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රන්ටැඹේ ජල විදුලි බලාගාරයෙන් ජල විදුලිය නිෂ්පාදනය කර මහවැලි ඟගට මුදා හරින ජලය ගබඩා කර හෙක්ටයාර් හත්දහස් පන්සියයකට මහවැලි ජලය සපයන මිනිපේ යෝධ ඇළ සහ මිනිපේ අමුණ සංවර්ධනය කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

1948 වසරේ ඉදි කෙරුණු මිනිපේ අමුණ අවසන් වරට ප්‍රථිසංස්කරණය කර ඇත්තේ 1980 වසරේදීයි. ඒ අනුව වසර හතලිහකට පමණ පසුව සම්පූර්ණ සංවර්ධනයක් සිදු කෙරෙන මිනිපේ ගොවි ව්‍යාපාරයට ජලය සැපයෙන මිනිපේ අමුණ සහ යෝධ ඇළ ව්‍යාපාරය ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කෙරිණි. එහි ඉදි කිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, යළ මහ දෙකන්නයෙහි හිඟයකින් තොරව ජලය සැපයීම, භූගත ජල ධාරීතාව ඉහළ නැංවීම, වැව් පද්ධතිය මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අරමුණු වේ.විදුලිය සඳහා ඉල්ලුම උච්චතම අවස්ථාවන්හී දිනකට දෙවරක් රන්ටැඹේ ජල විදුලිබලාගාරයෙන් ජලය නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවේදී වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග සඳහා ජය නිකුත් කිරීමට දැනට පවතින අමුණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වඩා විශ්වාසනීයව අඛණ්ඩව මිනිපේ ගොවි බිම් සඳහා ජලය සැපයීම පිණිස මිනිපේ අමුණු වේල්ල මීටර 3.5 කින් එසවීම හා කිලෝ මීටර 74 ක දිගින් යුතු මිනිපේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීම් ආරම්භ කෙරිණි.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 2 6000 කි. මෙහි ඉදි කිරීම් කටයුතු China Gexhouba Group Company Limited (CGGC) නම් චීන සමාගම විසින් සිදු කරනු ලබයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දැනට පවතින වේල්ල ඇතුළත් කරමින් කරනු ලබන නව ඉදිකිරීම මගින් අමුණේ උස මීටර 3.5 කින් ඉහළ නැංවීම, පවතින නිර්මිතය වෙනුවට වම් ඉවුරේ වාරී ඇළ සඳහා ස්වයංකීය පාලන හැකියාවකින් යුත් ප්‍රධාන දොරටුවක් සවි කිරීම, වම් ඉවුරු ප්‍රවේශයෙහි හා ජලාශය මැද කොටසෙහි තැන්පත්වන රොන් මඩ ඉවත් කිරීම පිණිස මඩ නෙරපනයන් ඉදි කිරීම, දකුණු ඉවුරු ඇළේ නව හදිසි වාන් මඟක් ඉදි කිරීම, ජල මට්ටම් සමබර කිරීමේ ස්ථාන වල ඇති අරිය ගේට්ටු විදුලියෙන් ක්‍රියා කරවීමේ පහසුව ලබා දී වැඩි දියුණු කිරීම සිදු කරනු ලබයි. මිනිපේ හැරවුමේ සිට අන්තර නිම්න ඇළ මාර්ගයක් මගින් මහවැලි ගඟේ සිට අඹන් ගඟ දක්වා ජලය රැගෙන යයි.

මෙරට පැරණිතම වාරී මාර්ග ඉදි කිරීමක් ලෙස සැලකෙන මිනිපේ අමුණ රාජ්‍ය අනුග්‍රහයෙන් යක්ෂණියක් විසින් ඉඳි කර ඇතැයි පුරාවෘත්ත වල සඳහන් වේ.නූතන ඉංජිනේරුවන් පවා විශ්මයට පත් කළ මෙම සුවිසල් වාරී කර්මාන්තය, නැම්මකදී ගඟ හැරවීමේ යෝජනා ක්‍රමයකින් සමන්විත වේ.එහිදී විශාල ජල කඳක් ඉවුරට ආසන්නයේ පිහිටි දූවක් මගින් සෑදුණු හා ගල්කුළු දෙකකින් අර්ධව වැසුණු පටු ඇළකට ඇතුළු වන අතර, මෙම තත්වය ජල දහාරාව අවහිර කරයි.මෙම පර්වත දෙක හරස් ඉදිකිරීමක් මගින් යා කළ විට, වේල්ලක් බවට පත් වූ අතර, ස්වාභාවික ඇළ මාර්ගයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට සලස්වා ඇත.මෙම ව්‍යාපෘතිය අවසානයේ මිනිපේ වම් ඉවුර ඇළෙහි අවසන් කෙළවරට වන්නට වගා කටයුතු කරන ගොවීන්ට අඛණ්ඩ ජල සැපයුමක් සහතික කළ හැකි අතර, ඇළ පුනරුත්ථාපනය කිරීම මගින් මිනිපේ ඇළ දෙපස වාසය කරන ජනතාවට අවදානමින් තොරවූ පරිසරයක් නිර්මාණය වේ.‍වඩා විශ්වාසනීය ජල සැපයුමක් හේතුවෙන් යල -මහ දෙකන්නයෙහි වගා කරන ගොවී පවුල් 15 000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රථිලාභ සැපයේ.වන සතුන්ට ජලය සැපයීම පිණිස වියළි කාළයේදී පවා වස්ගමුව වන රක්ෂිතයේ පිහිටි කඳුරුපිටිය කුඩා පොකුණට ජලය සැපයීමට හැකිවීමද මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රථිලාභයකි.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 11
Previous Post

කැලෑ කපන්නන් හසුකරගන්න 1997 දුරකථන අංකය ක්‍රියාත්මකයි – ඇමැති සරත් කියයි

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ද වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන්න – ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ද වාර්තාව කතෝලිකයින්ට ඉදිරිපත් කරන්න - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved