27 July 2024
#දේශීය

අර්ජුනගේ පැමිණිම නිසා …………! වෙඩි තැබීමක් – 2කුට තුවාලයි

අර්ජුන රණතුංග මහතා සිය අවශ්‍ය ලිපි කිහිපයක් ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය ගිය අවස්ථාවේදී වෙඩි තැබීමක් සිදු වි තිබේ. එහිදී ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි එහි ප්‍රකාශයෙකු අප වෙත කියා සිටියේය.

අර්ජුන රණතුංගගේ ආරක්ෂයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එම ආරක්ෂකයාව මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *