27 April 2024
#දේශීය

මෛත්‍රි සතෙක් කියන්නත් බෑ… ඊට වඩා පහත්………  මංගල කියයි

අපි දිවි පරදුවට තබා ජනාධිපති කරපු පුද්ගලයාම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. පහත් පුද්ගලයෙකු ජනාධිපති වරයා වශයෙන් පත් කිරීමට ගමක් ගමක් ගනේ ගිහින් ජනතාවට දැනුවත් කිරීමට ගැනීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ඔහු පැවසිය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ තැනේ සිට මෛත්‍රිපාල සිරිසේන හට ජනාධිපති වන්නට ලබා දුන් බවත් හෙතෙම කියා සිටියේය. මෛත්‍රිපාල කරපු දේ ගැන බොහෝ දෙනා පවසන්නේ සිංහලෙන් කියන්නවත් බැරි පහත් ක්‍රියාවක් බවයි.

මෛත්‍රිපාලව අපි පත් කළ ගත් බවත් මොහු තමයි පත් කරපු දවසේ සිටම අපේ කකුලෙන් ඇද්ද පුද්ගලයා බව සමරවීර මහතා පැවසිය. ජනතාවට පොරොන්දු වු නඩු විභාග ගැනත් ගෝඨාභය, ශිරන්ති අත්අඩංගුවට ගන්නට යාමේදී ඒවාට බාධා කළ බව මංගල සමරවිර මහතා හෙලි කර සිටියේය. පසුගිය ඡන්දේදී රාජපක්ෂලා වෙනුවෙන් ඉදිරිපත් කරපු හොර අපේක්ෂකයෙක් බව තමාට හැගෙන බව ද ඔහු පැවසිය.

එජාපයේ ඡන්ද ටික දිනාගෙන මෛත්‍රිපාල සේවය කළේ රාජපක්ෂ වෙනුවෙන් බව ද හෙතෙම අවධාරණය කළේය. අපේ එජාප පාක්ෂිකයින්ට රස්සාවල් දෙන්න හදනකොටත් දරුවන්ට ටැප් දෙන්න හදනකොටත් මෛත්‍රිපාල ඒවා නැවැත්තු බවත් ඔහු ඉතා ඊරිසියාකාර පහත් චරිතයක් බව මංගල සමරවීර මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *