27 April 2024
#දේශීය

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට – මංගලට මුදල්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත පැමිණ තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය අද(20) පෙරවරුවේදී දිවුරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු අඩකට පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව​ සඳහන් වෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රූපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය හැර අන් ආයතන ලබා දෙන බව වාර්තාවේ.

මේ අතර ජනාධිපතිවරයාගේ විෂයන් යටතට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාවත් , ලෙක් හවුස් ආයතනයත් පවරා ගන්නා බව සඳහන් වෙයි.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වු මන්ත්‍රීවරුන්ටද අමාත්‍යධුර නොදෙනු ඇති බව ද වාර්තා වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *