27 April 2024
#දේශීය

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

අමාත්‍ය මණ්ඩලය හෙට 8.30 දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍ය ධුර 30 කට සීමා කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හෙට දිනයේදී අදාළ කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පමණක් බව ජනාධිපතිවරයා පැවසු බව නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පවසා සිටියේය.

එසේම අද දිනයේදී කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාලිත රංගේ බණ්ඩාරට අමාත්‍ය ධුරයක් ලබා දීමට සිය අකමැත්ත පල කරන බවයි. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එයට එකඟතාව පල කර ඇති බව වාර්තා වේ. ඒ පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දිනවලදී ජනාධිපතිවරයා ද තමාට කතා කිරීම මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධයෙන් බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *