• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෙනස් වර්ගයේ ගිලන් රථ 20 ක් රෝහල්වලට

17 May 2019
in සංවර්ධන

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (16) පස්වරුවේ සිදු කෙරිණී.

ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථයක වටිනාකම රුපියල් එක්කෝට් හැත්තෑලක්ෂයකි. මෙම ගිලන් රථ 20 ත් ලබාදීමත් සමග මේ වනවිට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 80 ක් රෝහල්වලට බෙදා දී ඇත. තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් ලබාදීමට නියමිතය.

තවද ෆෝඩ් වර්ගයේ නවීන ගිලන් රථ 350 ක් ද පසුගිය දිනවල රෝහල්වලට බෙදා දෙනු ලැබීය.

ගිලන් රථ බෙදාදීමේ උත්සවයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “ඔස්ට්‍රියානු ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් අපි බෙදා දෙනවා. තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් ඉදිරියේ දී බෙදාදීමට නියමිතයි. ෆෝර්ඩ් වර්ගයේ ගිලන් රථ ද බෙදා දෙනු ලැබුවා. මෙම සියලු ගිලන් රථ ජර්මනියේ නිෂ්පාදිත ගිලන් රථයි. මීට පෙර වෙනත් වර්ගයේ ගිලන් රථ රෝහල්වලට බෙදා දුන් අතර, ඒවා නියම ගිලන් රථ නොවෙයි. නමුත් ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ මිලදී ගැනීමට සුදානම් වූ විට මීට පෙර බෙදා දුන් ගිලන් රථ ආනයනය කළ සමාගම් බලපෑම් එල්ල කළා. අමාත්‍යාංශයෙනුත් බලපෑම් එල්ල වුනා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිටි නිලධාරීන් ද ගිලන් රථයේ උසස් බව නොව වගන්ති බැලීමට පුරුදු වුනා. මෙම ගිලන් රථ ප්‍රවේශමෙන් භාවිත කළ යුතුයි. වසර 20 ක පමණ කාලයක් එකදිගට භාවිත කරන්න පුළුවන්.පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී සියලු රෝගීන් රෝහල්වලට ඇතුලත් කළේ ගිලන් රථ මගින්. මීට පෙර බෝම්බ පිපිරීමක් සිදු වුවහොත් ලොරි රථ, වෑන් රථ සහ බස් රථ මගින් රෝගීන් රැගෙන එනවා. රෝගීන් 485 ක් ඇතුලත් කළ අතර, රෝහල්වල වලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේ 06 ක් පමණයි. නමුත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ මෙවැනි ගිලන් රථ සේවාවක් නොතිබුනේ නම් තවත් රෝගීන් 100 ක් විතර මියයාමට ඉඩකඩ තිබූ බවයි. ගිලන් රථ සේවාව නිසා මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අඩු වුනා. ලෝකයේ ඉහළම ගිලන් රථ සේවාවක් පවතින අතර, එහි ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම මගේ අරමුණයි.” යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න සහ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු රෝහල් අධ්‍යක්ෂවරුන් එක්ව සිටියහ.

Post Views: 47
Previous Post

වෙසක් උත්සවය සඳහා උපරීම ආරක්ෂාව දෙන බව පොලිසිය කියයි

Next Post

දුම්රිය ඉතිහාසයේ පෙරළියක් … බහළුම් ප්‍රවාහන ගැල් ලංකාවට(ඡායාරුප සහිතයි)

editor

editor

Next Post

දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ... බහළුම් ප්‍රවාහන ගැල් ලංකාවට(ඡායාරුප සහිතයි)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved