27 April 2024
#දේශීය

ආසාදිතයන් 304 යි – ඉදිරි සති දෙකේ වැඩියෙන් පරිස්සම් වෙන්න

නව කොරෝනා වෛරසය  මෙරට ආසාදනය  වුවන් ප්‍රමාණය අද  (20) වන විට 304ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එසේම එක් දිනක් තුල මේ රටෙන් වාර්තා වූ වැඩිම රෝගීන් ප්‍රමාණය ද අද වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව අද වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 33කි.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

එසේ ම මේ වන විට  සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 98 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 199ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම මේ වන විට  කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.

ඉදිරි සති දෙකේ වැඩිපුර පරිස්සම් වෙන්න 

මේ අතර මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු කරමින් වෛද්‍ය පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර පවසන්නේ  කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළ ද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බවය.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් රෝග ලක්ෂණ නොමැති රෝගය පතුරුවන්නන්ගේ ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ පවතින බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *