• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

20 නිසා ජනපතිවරයාට අහිමි වන දේවල් ගැන විජිත කියයි

8 September 2018
in දේශීය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට කිසිදු විධායක බලයක් හිමි වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පසුගිය (06) වනදා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ 20 න් පත්වන ජනාධිපතිවරයා රටේ ආර්ථිකය මෙහෙයවන්න පුළුවන්කමක් නොමැති බවයි.

එහිදී මෙසේ වැඩිදුරටත් හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේය “ 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා පත්වන නිසා ධන කුවේරයෙකුට මන්තී‍්‍රවරුන් මිලට ගෙන ජනාධිපති විය හැකියි කියලා බියක් ඇති කරනවා. එවැනි බලයක් නැති ධුරයකට මුදල් වියදම් කර ව්‍යාපාරිකයෙකු පැමිණෙන්නේ නැහැ. මොකද, එම ධුරයට ඇවිත් කිසිදු ව්‍යාපාරික කටයුත්තක් කරගන්න පුළුවන්කමක් නැති නිසා. එම නිසා එම තර්කය පුහු තර්කයක් පමණයි. ඇත්ත වශයෙන්ම ජනතා විරෝධී ආණ්ඩුවකට එරෙහිව පාරට බැසීමේ අයිතියක් ජනතාවට තිබෙනවා. ඒ වගේම ජනතාව පාරට බැස්සවීමේ අයිතියක් දේශපාලන පක්‍ෂවලටත් තිබෙනවා. මේ වනවිට වර්තමාන ආණ්ඩුව අපේ රට ආර්ථික වශයෙන් දරුණු ප‍්‍රපාතයකට ඇද දමා තිබෙනවා. ඩොලරයට සාපේක්‍ෂව රුපියල රු. 163.30 ගණනක් දක්වා ඉහළ ගිහින්. පසුගිය මාස දෙක-තුනට පමණක් රුපියලේ කඩා වැටීම 5%කින් ඉහළ ගියා. ආනයන අපනයන පරතරය දිනෙන් දින වැඩිවෙනවා. මේ වසරේ පමණක් ඩොලර් කෝටි 400ක ණයක් ගෙවන්න සිදුවෙලා තිබෙනවා. ජනතාවට ජීවත් වීමට නොහැකි ලෙස ජීවන බර වැඩිවෙලා. මේ නිසාම ජනතාව තුළ ප‍්‍රබල විරෝධයක් ගොඩනැගී තිබෙනවා. එය ප‍්‍රකාශයට පත්විය යුත්තේ සැබෑ ජනතා විරෝධයක් ලෙසයි. යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

නවක වදයට බැට දෙන්න ජනපති සුදානම්

Next Post

ආණ්ඩුව වෙනස් වෙන්න ඕන – ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

ආණ්ඩුව වෙනස් වෙන්න ඕන - ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved