27 July 2024
#දේශීය

ආණ්ඩුව වෙනස් වෙන්න ඕන – ඇමැති පාඨලි කියයි

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම තිබෙන්නෙත් ජනතාව මත බවත්. වත්මන් ආණ්ඩුවත් කාලයට යුගයට ගැලපෙන ආකාරයට වෙනස් විය යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රටේ ආණ්ඩු පෙරලන්න ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මිස පෙළපාලි ගොස් බැරි බවයි.

මේ රටේ ආණ්ඩු වෙනස් වන්නේ ප්‍රජාතාන්ත්‍රව පැවැත්වෙන මැතිවරණ වලින් බව ද හෙතෙම කියා සිටියේය. පසුගියදා පැවැති පෙළපාලිවල අපි දැක්කේ රස්තියාදුකාර. පාදඩ පෙළපාලියක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ රටේ ජනතාව ඉදිරියේදී පවුල්වාදි උමතුව ගැන තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *