• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2018 වර්ෂයේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩු වීමක්

8 February 2019
in සංවර්ධන

2017 වර්ෂයට සාපේක්‍ෂව 2018 වර්ෂයේ දී ඩෙංගු රෝගීන් වර්තා වීම 70%කින් සහ ඩෙංගු රෝගයෙන් මරණයට පත් වන සංඛ්‍යාව 90% කින් අඩු කර ගැනීමට හැකි වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන් සදහා ඉතා ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යාම හා ඊට අදාල තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවිතා කර ගනිමින් මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමට පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සෞඛය අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ” දිවයින පුරා මූලික රෝහල්වල සේවය කරනු ලබන සියළුම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සදහා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිලිබදව විශේෂ පුහුණු වීම් හා නිපුනතා ලබා දී ඇත.මීට සමගාමීව දිවයින පුරා නිවාස ඇතුළු පරිශ්‍ර මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවක් විශේෂ මදුරු මර්දන වැඩසටහන් හරහා පරික්‍ෂාවට ලක්කර ඇත. ‍මෙහිදී මදුරුවන් බෝ වී ඇති ස්ථාන විනාශ කිරීම හා ජලය එකතු වන ස්ථාන හදුනා ගෙන ඒ පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.දිවයින පුරා මදුරු මර්දන සහායකයින් 1200කට වැඩි සංඛ්‍යාවක් යොදවා ක්ෂේත්‍ර පරීක්‍ෂාව,ධූමායන කටයුතු,කීට විද්‍යා සමීක්ෂණ ආදිය තාක්‍ෂණික අධීක්ෂණයන් යටතේ සිදු කරයි. මදුරුවන් බෝ වීම වැළැක්වීම සදහා අත්‍යාවශ්‍ය තාක්ෂණික උපකරණ දිවයිනේ සියළුම වෛද්‍ය නිලධාරී කොට්ඨාස වෙත ලබා දී ඇත. මෙමගින් මදුරු වසංගත තත්වයන් ඉක්මණින් පාලනය කිරීමට අවශ්‍ය කරන පහසුකම් වැඩිදියුණු කර ඇත.

දිවයිනේ ඩෙංගු රෝගීන්ගෙන් 30%ක් පාසල් වයසේ දරුවන් වන බව මෙතෙක් කරන ලද සමීක්ෂණයන්ගෙන් හෙලි වී ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී. මීට සමගාමීව අන්තර්ජාලය හරහා තම දරුවාගේ ඩෙංගු රෝගී තත්වය දෙමාපියන්ට දැන ගැනීමේ පරිගණක මෘදුකාංගයක් 2018 වර්ෂයේ හදුන්වා දෙන ලදී.

විශේෂයෙන් බස්නාහිර පළාත වැනි ඉදිකිරීම් ස්ථාන බහුලව ඇති ප්‍රදේශයන් වල ඩෙංගු වසංගතය පැතිරීමේ අවධානමක් හදුනාගෙන ඇති අතර මේ සදහා තිරසාර වැඩපිළිවෙලක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයත්,මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් ඒකාබද්ධව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වේ.

2019 වසරේ පවතින වැසි සහිත කාලගුණ තත්වය තුල දී ඩෙංගු මර්දනය පිලිබදව විශේෂ අවධානයක් ලබා දිය යුතු අතර මේ සදහා සෑම සතියකම පහසු වේලාවක විනාඩි 30 ක පමණ කාලයක් මදුරුවන් බෝ වන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කොට ඒවා ඉවත් කිරිම මගින් ඩෙංගු රෝගය වළක්වා ගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සදහන් කරයි.

 

Post Views: 19
Previous Post

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ ! ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Next Post

“ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ … !

editor

editor

Next Post

"ස්මාර්ට් ශ්‍රී ලංකා" වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ ... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved