• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 මහ කන්නයටත් වන්දි ළඟදීම – ඇමැති හැරිසන්

29 August 2019
in සංවර්ධන

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ පැවැති වන්දි ප්‍රදානයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” 2018 වසරේ සිට අපි පළමු වරට ගොවියාට රක්ෂණ වාරිකයක්වත් නොමැතිව අක්කරක් සඳහා වගා හානි වන්දිය 40‚000 ක මුදලක් ගෙවීමට සමත්වුණා. එවකට අක්කරයක හානි වන්දි මුදල පැවැතියේ රුපියල් දස දහසක් එයද හතර ගුණයකින් ඒ කියන්නේ රුපියල් හතලිස්දහසක් දක්වා ගෙවන්නේ මේ පළමුවරට වීම ගැන මම සතුටු වෙනවා. අපි දැනට ලංකාවේ හානි වූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366 කට රුපියල් මිලියන 559 ක මුදලක් ගෙවා තිබෙනවා. ඒ වගේම මම බලාපොරොත්තුවෙනවා 2018 – 2019 මහ කන්නයට අදාලව හානි වූ ගොවිබිමි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කරන්න. ඒ සඳහා මුදල් වෙන්කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල අපි සකස් කරමින් පවතිනවා. ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සදහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් වැයවෙතැයි මා අපේක්ෂා කරනවා. එම වගාහානි මුදල ද අපි විසින් ලබා දීමෙන් ඉතිහාසගත වන්නේ ගොවියාට වගාහානි වන්දි කඩිනමින්ම ලබාදුන් පළමු රජය ලෙස අප එක්වෙමින්.

මිරිස්,ලොකුලූණු ,වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම වගා හානි වන්දි පිරිනමන අතර ගම්පහ මිරිස්,ලොකුලූණු ,වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් දිස්ත‍්‍රික්කයේ ගොවීන් 1576 දෙනකු සඳහා ලක්ෂ 230ක වන්දි මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී පිරිනැමිණ.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් රැසක් ද එක්ව සිටියහ.

 

Post Views: 15
Previous Post

ශ‍්‍රී ලාංකීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික පෙරළිය Disrupt Asia ජාත්‍යන්තර වෙළඳපොල තරණය ඇරඹේ

Next Post

නැගෙනහිර සංවර්ධනයට රුපියල් මිලියන 7,346 ක්

editor

editor

Next Post

නැගෙනහිර සංවර්ධනයට රුපියල් මිලියන 7,346 ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved