• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැනෙන් නැති ආණ්ඩුවක් … 2020 දී අලුත් ජනාධිපති කෙනෙක් … ඇමැති පාඨලි චම්පික

27 February 2019
in දේශීය

ඉදිරියේදී වැනෙන් නැති ආණ්ඩුවක් අවශ්‍ය බවත් මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බුලත්සිංහල සතිපොළ ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපට අවශ්‍යයි ඉදිරියේදී වැනෙන් නැති ආණ්ඩුවක්. මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් මිත‍්‍රවරුණි. ඔය පළාත් පාලන, පළාත් සභා මැතිවරණ තිබුණට රටක රාජ්‍ය බලය, ආණ්ඩු බලය සහ තීරණාත්මකව මාරු වෙන්නේ ජනාධිපතිවරණයෙන්. ඒ අනුව මේ වසරේ එම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 2020 ජනවාරි 08 වෙනිදාට කලින් අලූත් ජනාධිපති කෙනෙක් ආ යුතුයි. අන්න ඒ සඳහා අපි අද ජාතික ප‍්‍රජාන්ත‍්‍රවාදී සංධානය නමින් පුලූල් සංධානයක් ඇතිකර ඒ පුලූල් සංධානයෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක් අපි ගේනවා මේ රටේ ඊ ළඟ ජනාධිපති හැටියට. ඒ ජනාධිපතිවරණ අවසන් වූ වහාම මහ මැතිවරණ කැඳවනවා. ඒ මහ මැතිවරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා පෙරළන්න බැරි, පිල් මාරු කරන්න බැරි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන්න. මේකයි අපේ දේශපාලන ඉදිරි ගමන් මග තියෙන්නෙ.

ඒ නිසා අද පොහොට්ටුවේ කට්ටියට පවුලෙන් පිට ජනාධිපති කෙනෙක් නැහැ. පවුලෙන් පිට අගමැති කෙනෙක්, කතානායක කෙනෙක්, මුදල් ඇමති කෙනෙක් නැහැ. නමුත් මේ පැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ඒ සඳහා දක්ෂ පක්ෂ කම් තිබෙන අති විශාල පිරිසක් ඉන්නවා මේ වේදිකාවේ ඉන්නේ එවැනි පිරිස්. ඒක නිසා අපි ජනාධිපතිතුමාට කියනවා අප විසින් එතුමාට ලබාදුන් ජනවරම එතුමා කඩ කළා. ඒ නිසා දැන් කළ යුතු වන්නේ මේ 2019 ජනවාරි 08 වෙනිදායින් පසුව ඕනම වෙලාවක ජනාධිපතිවරණය කැඳවිය හැකියි. ඒ නිසා වහාම ජනාධිපතිවරණයක් කැඳවන්න. අර මැතිවරණ, මේ මැතිවරණ වලින් පළක් නැහැ. රටට අද අවශ්‍ය ජනාධිපතිවරණය. ඒ ජයග‍්‍රාහක ජනාධිපතිවරයෙක් සමග අලූත් ගමනක් යන්න මේ රට සූදානමින් සිිටිනවා’ යැයි පැවසීය

Post Views: 13
Previous Post

වරද පිළිගත් සනත්ට වසර 02 ක තහනමක්

Next Post

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

editor

editor

Next Post

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved