• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2022ට සාපේක්ෂව 2023දී රාජ්‍ය සේවක වැටුප් වියදම බිලියන 16.7කින් අඩුවෙලා

11 July 2024
in දේශීය, පුවත්
2022ට සාපේක්ෂව 2023දී රාජ්‍ය සේවක වැටුප් වියදම බිලියන 16.7කින් අඩුවෙලා

රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

2022 වර්ෂයේ රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම් සඳහා වැය කළ මුදල රු. බිලියන 956.2 කි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රජයේ සේවකයන්ගේ පඩි නඩි ගෙවීම් සඳහා වැය කරනු ලබන මුදල රු. බිලියන 16.7කින් අඩු වී ඇත. කෙසේ වුවද විශ්‍රාම වැටුප් වියදම 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 372.4 ක් දක්වා 20.5% ක ප්‍රතිශතයකින් වැඩි වී ඇත.

2022 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය මගින් දරනු ලැබූ වියදම රුපියල් බිලියන 309.1 කි. විශ්‍රාම වැටුප් වියදම ඉහළ යාම සඳහා විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව  කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සීමිත මූල්‍ය අවකාශයක් යටතේ වර්ධනය වන රාජ්‍ය අංශය ඉදිරියට පවත්වා ගෙන යාම අනාගතය කෙරෙහි අයහපත් අයුරින් බලපාන බවද මෙම වාර්තාවේ සඳහන්වේ. සාධනීය මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපායන් සඳහා මුල් පිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

Post Views: 16
Previous Post

දුම්රිය වර්ජනය අදත්

Next Post

බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

බස් රථයක් නුවරඑළියේදී පෙරළෙයි – 37කට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved