27 April 2024
#දේශීය

ජනාධිපති ගෝඨාභයට දේශපාලනය කළේ නෑ – රාජ්‍ය ඇමැති ශෙහාන්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී ජනාධිපති පුටුවේ සිට දේශපාලනය නොකළ බවත් ලෝක විවසනයක් ව තීබු කොවිඩ් මාරයාගෙන් මෙරට ජනතාව බේරා ගැනීමට මුල් තැන ලබා දී කටයුතු කළ බව ද සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල 215 දෙනකුගෙන් සමන්විත ප්‍රථිලාභින් සඳහා කෘෂි උපකරණ කට්ටල බෙදා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

අද වන විට පටු දේශපාලන අරමුණු ඇතිව වත්මන් රජය විවේචනය කරන පිරිස් පවා කොවිඩ් මාරයාට බිලි නොවී ජීවත්ව සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා බවත් වත්මන් රජය කොවිඩ් මාරයාට හිස එසවීමට නොදී එන්නත් කරණයට මුල් තැන ලබා දී කටයුතු කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ එයින් දේශපාලන වාසී ලබා ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්.ආර් සෙන්දිල්, අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ වසන්ත, සහකාර සමෘද්ධි අධ්‍යක්ෂක මහින්ද වීරකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභී මහත්ම මහත්මීන් සහභාගී වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *