27 April 2024
#දේශීය

2022 විසර්ජන පනත් කෙටුම්පත එළැඹඹෙන සතියේදි පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ දිනයකදී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අදාළ ගැසට් පත්‍රය 2021.09.29 දින නිකුත් කර ඇති අතර එහි, 2022 වර්ෂය සදහා වන රජයේ වියදම් සම්බන්ධ තොරතුරු අන්තර්ගත වේ.

2022 වසර සඳහා, විසර්ජන පනත් කෙටුම්පත එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (30) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවටද දැන්වීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *