27 April 2024
#දේශීය

මෙරටට තවත් ෆයිසර් එන්නත් ලක්ෂ හතරක පරිත්‍යාගයක්

කොවැක්ස් පහසුකම හරහා ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ඊයේ (01) පස්වරුවේ මෙරටට ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මෙම පරිත්‍යාගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර ගනු ලැබීය.

කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට මෙරටට ඇමරිකන් රජය මගින් ෆයිසර් එන්නත් ලක්ෂ නවයක පමණ ප්‍රමාණයක් ලබා දී ඇත.

මේ වන විට එම පහසුකම් යටතේ ෆයිසර්, මොඩාර්නා හා ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් ලක්ෂ 42 ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.

ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඇමරිකානු තානාපති ඇලීනා ටෙප්ලිට්ස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත අලාකා සිං, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක‍්‍රිස්ටියන් ස්කෝග් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග යන මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *