27 April 2024
#දේශීය

මහා දැවැන්ත මුදලක් සමාජ ගත කරන්න 2022 සූදානම් – රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත්

මහා දැවැන්ත මුදලක් සමාජ ගත කරන්න 2022 සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසයි.

අද (07) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එන්නත් ලබාදුන්න රටවල් අතින් ඉදිරියෙන් සිටින රටක් බවට අප පත්ව ඇති බවයි.

අද කොරෝනා උවදුරට ගොදුරුවෙච්ච ප්‍රමාණය අඩුවීම සහ මිය යන සංඛ්‍යාව අඩුවී රට නැවතවතාවක් අලුතින් හිතන්න ඕන වටපිටාවක් සැකසී තිබෙන අතර අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අලුතින් හිතන රටකට ගැලපෙන වටපිටාවක් හදන්නට වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රට පොළඔවන අවස්ථාවක් උදා වී ඇති බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා “ග්‍රාම නිලධාරි වසමකට ලක්ෂ 30 ක් දිලා ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට ලක්ෂ 40 ක මුදලක් දිලා පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසට ලක්ෂ 1000 ක ද සම්බන්ධීකරණ කමිටුවල උප සභාපතිවරුන්ට ලක්ෂ 200 ක් ද හිටපු පාළාත් සභා මන්ත්‍රිවරුන්ට ලක්ෂ 200 ක් යෝජනා ඉදිරිපත් කරන මහා දැවැන්ත මුදලක් සමාජ ගත කරන්න 2022 සූදානම් කරන වේලාවක්. මෙහි සමස්ථ මුදලින් 40% ක් ම ජනතාවගේ ජිවන තත්වය වැඩිදියුණු කරන්න භාවිතා කරනවා. ඒ මුදලින් තවත් 10% ක් රටේ සංස්කෘතික හා සුභසාධන කටයුතු සඳහා වෙන් කරනවා. මානව සම්පත මානූෂික තත්වයෙන් ඉහළ තත්වයට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථිකයට වටිනාකමක් දෙමින් පුද්ගලයා පදනම් කරගෙන ඔවුන්ගේ ආර්ථිකය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට ජිවත්වන අවශ්‍ය පරිසරය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා තමයි රජය මේ කාලය තුළ අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය වැඩිදියුණු කරන්න, බිත්තර නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කර ගන්නට අපි විවිධ ආකාරයේ ක්‍රියාවලි අනුගමනය කළයුතුයි. රජයේ ප්‍රතිපත්තියක් හැටියට කියලා තිබෙනවා මේ රටේ ජනතාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය දියර කිරි භාවිතා කිරිමට හුරු කළයුතුයි කියලා. මේ වන විට අපේ අමාත්‍යාංශය කිරි නිෂ්පාදනය සඳහා සත්වයන්ට අවශ්‍ය පෝෂණ ගුණය ලබා දිලා පහසුකම් ලබාදිලා දෙගුණයක් කිරි නිෂ්පාදනය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජයෙන් අපිට ලබා දි තිබෙනවා. ඒ වගේම තවත් 30%ක 40% ජාතික අවශ්‍යතාවයෙන් අපිට අවශ්‍ය කිරි ටික ලබා ගන්න, දැනටම පෞද්ගලික අංශයත් සමඟ මැදිහත්වෙලා ඒ අයගේ මුදල් භාවිතා කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිලා තිබෙනවා. එසේම විදේශීය රටවලින් සත්වයින් ආනයන කරන්න ආයතන 04 ක් මේ වන විට අපිට එකතු වි තිබෙනවා.මේ කාලවකවානුව තුළ ආයෝජකයින්ට හොඳ අවස්ථාවක් තමයි මේ කිරි නිෂ්පාදනය ක්‍රියාවලියට දායක වන්න. අපි මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබා දි තිබෙන්නේ මේ රටේ ජනතාවට කිරි ටික ලබා දෙන්න පෞද්ගලික අංශයයි රාජ්‍ය ආයතනයයි එකතුවෙලා. අපේ රට මේ වන විට මස් සහ කිරි වලින් ස්වයංපෝෂිතයි. අපිට වගකීමක් තිබෙනවා විදේශ විනියම ලබා ගන්නට විදේශ රටවල්වලට මේ මස් යැවීමට පුළුවන් තත්වයක් සැකසිමයි. එයට අවශ්‍ය මිනිස් පරිබෝජනයට සුදුසු විදිහට මස් ටික හදන්නට අවශ්‍ය කාරණයට යොමුවෙලා තිබෙනවා. එවන් පසුබිමක් තුළ ලෝක බිත්තර දිනය ඔක්තෝම්බර් 08 වනදායි. මේ රටේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය ඉටු කරන්න යන ගමනේදි අපි බිත්තරවලින් ස්වයංපෝෂිත වෙලා තිබෙනවා. අද මේ රටෙ ජාතික නිෂ්පාදනයට දළ දේශීය නිෂ්පාදනයට 2020 දි සත්ව පාලන කටයුතුවලින් බිලියන 44 ක් එකතුවෙලා තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න පිරිසක් මේ රට තුළ හදලා ජනතාවට ලබාදුන්න බලාපොරොත්තු සඵල කරන්නට රජය වගකීම භාරගෙන මුදල් ඇමතිතුමා නව පිම්මක් ඉස්සරහට රට ඔසවා තබන්නට කටයුතු කරන අවස්ථාවක්.” යැයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *