27 April 2024
#දේශීය

2022 වසන්තය උදාවෙනවා සත්තයි – සී.බී.රත්නායක

ආර්ථික වශයෙන් ගොඩනඟා ගැනීම සඳහා ක්‍රියාත්මක වන අවස්ථාවක දේශපාලන අරමුණු පැත්තකට තබලා රට ගොඩගැනීමේ වගකීම භාර ගත්ත බැසිල් රාජපක්ෂ මහතා මෙවර අයවැය රටට උචිත , ගම හඳන අයවැයක් ඉදිරිපත් කරන බවත් එය 2022 වසන්තය උදාවෙනවා සත්ත බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

ගුරු අයිතිවාසිකම් සඳහා සිසු දරු දැරියන් ඇපයට තබා ගෙන ලක්ෂ 49 ක සිටින දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙස අමාතවරයා මෙහිදී කියා සිටියේය.

එහිදි අමාත්‍ය සී.බී.රත්නායක මහතා අදහස් දක්වමින් “ 49 ලක්ෂයක් සිටින ශිෂ්‍යයන්ව ඇපයට තියලා ගුරු අයිතිවාසිකම් වෙනුවෙන් විදි සටන්වලට බැහැලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා දාලා තිබෙනවා. අපි ගුරුවරුන්ට කිසිසේත් නිග්‍රාහ කරන්නේ නෑ. අපි ඉල්ලන්නේ දරුවන් ඇපයට තියලා දරුවන්ගේ අධ්‍යාපනයෙන් පළි ගන්න එපා කියලා. ඒ වගේම අපේ විපක්ෂ නායකවරයා ඩයස්පෝරාවේ ඕනෑ එපාකමට පැන්ඩෝරා ප්‍රශ්නය ඇදගෙන තිබෙනවා. නිරූපමා රාජපක්ෂ හිටපු ඇමතිතුමිය වැරද්දක් කළා හෝ නොකළා ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහොමද වැරදිකාරයෝ වෙන්නේ. රාජපක්ෂ නම අගට තිබුණට වැඩක් නෑ. දේශපාලනය වෙනයි. මේ ගැන විශේෂයෙන් පරීක්ෂණයක් කරන්න කියලා ගරු ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව පත් කරලා නිවැරදි වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දිලා තියෙනවා. තෙල් ටැංකි බදු දුන්නේ කවුද? ගිවිසුම ගැහුව්වේ කවුද? අපේ මේ රාජ්‍ය ආයතන කිසිකෙනෙකුට විකුණන්න දෙන්න සූදානම් නෑ. රාජ්‍ය ආයතන රැක ගත්ත එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගෙන් පස්සේ රටට අයිතිවෙලා තිබුණු රාජ්‍ය ආයතන බදු දුන්න එකම රජය තමයි එක්සත් ජාතික පක්ෂය. මේ කොරෝනා වසංගතය සඳහා දවසකට මිලියන 81 වැය කරනවා . අපි මේ කාරණය පිළිබඳව අවබෝධ කරගෙන යමු. 2022 වසන්තය උදාවෙනවා සත්තයි. ඉතිහාසයේ පළමුවතාවට දුෂ්කර වූ කාර්යභාර්යයක් තුළදි ආර්ථික වශයෙන් ගොඩනඟා ගැනීම සඳහා ක්‍රියාත්මක වන අවස්ථාවක දේශපාලන අරමුණු පැත්තකට තබලා රට ගොඩගැනීමේ වගකීම භාර ගත්ත බැසිල් රාජපක්ෂ මැතිතුමා 2022 අයවැය රටට උචිත , ගම හඳන අයවැයක් ඉදිරිපත් කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *