21 September 2024

අවයව බද්ධ කළ බවට සැකකරන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනයට සත් පුද්ගල කමිටුවක්

පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව ඇතැම් මාධ්‍ය මගින් පළ වු වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත් පුද්ගල විමර්ශන කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

යුරියා පොහොර රැගත් තවත් නෞකාවක් අද කොළඹ වරායට

ලෝක බැංකුණය යටතේ මිල දී ගන්නා ලද තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් සහිත නෞකාවක් අද(05) රාත්‍රී කොළඹ වරායට පැමිණීමට නියමිත බවකෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

තවමත් සභාපති ජි.එල්… කට්ටිය වෙනස්ව හිතලා වැඩිවුනා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්

අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා බවත් තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන් බවත් ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වෙලා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ නිවාස හයක් අලෙවි වෙයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අ.පො.ස. (උ.පෙළ) සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවේ – රාජ්‍ය ඇමැති රංජිත්

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත්, ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂනයකට භාජනය කොට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මෙන්ම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය වෙනස් කම් සිදු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අපේ තාක්ෂණික දැනුම යාවත් කාලීන විය යුතුයි – ඇමැති සුසිල්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේ දී එකතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රුක්මනිදේවිය ඉපදුනු පෙරට්ටාසි පැරණි රෝහල මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කලාපයේ දුෂ්කර ගම්මානයක් ලෙසින් හදුන්වන පෙරට්ටාසි ගම්ම්නයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීම (27) සිදුවිය.

එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු බේද පසෙකලා අත්වැල් බැඳ ගනිමු – ජනපති

සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත්වන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලුබේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.