27 April 2024
#දේශීය

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවේ – රාජ්‍ය ඇමැති රංජිත්

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත්, ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂනයකට භාජනය කොට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මෙන්ම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය වෙනස් කම් සිදු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ වන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් විස්තර කරමින් පැවසීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවයි. එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *