19 May 2024

සජිත් ගුණයක් නැති කෙනෙක් .. එක ගලයි මං ගහන්නේ ඔය විදුරු ගෙට – රාජ්‍ය ඇමැති ඩයනා

විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරහා බවත් සජිත් කිසිම කෙලෙහිගුණයක් නොමැති කෙනෙක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

මොනරාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 5000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර ඇති බව ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යංශය

2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන එළැඹෙන 05 දින සිට සිදු කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ RAMIS පද්ධතිය යථාතත්වයට -මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

දේශීය ආදායම් පාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය (RAMIS) තාක්ෂණික ගැටළුවකට ඊයේ (30) දින මුහුණ දුන් අතර එය මේ වන විට යථාතත්වයට පත් කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 27, සහ 28 වැනිදා කොළඹදී

ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ උද්ධමනය බල නොපාන කාරණා සඳහා පමණයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හේතුවෙන් සංචිත ඉහළ යාම 2021ට සාපේක්ෂව මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ 78.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය මාසයේ මත්කුඩුවලට සම්න්ධ පුද්ගලයින් 25ක් මාතලේ දි අත්අඩංගුවට

මත්කුඩු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු පසුගිය නොවැම්බර් මාසය තුළ මාතලේ පොලිස් වසම තුළදි අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉල්ලයි – රජයේ මුදල් පිළිබද කාරක සභාව

පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කර ඇත.