• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් බලාපොරොත්තු වෙනවා – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා

12 January 2024
in දේශීය, පුවත්
2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් බලාපොරොත්තු වෙනවා – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරකයන්ගේ පැමිණීම 106%කින් වැඩි වී තිබූ බවද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය “ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇතිව තිබෙනවා. සංචාරක කේෂ්ත්‍රයේ සිදුව තිබෙන මෙම පිබිදීම අවුරුදු තුනකට පසුව ඇති වූවක් බව කිව යුතුයි.‍ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි සාර්ථකත්වය මේ තුළින් පෙන්නුම් කෙරෙනවා. 2022 වසරේ සංචාරකයන් ලක්ෂ 7කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. 2023 වසරේදී සංචාරකයන් ලක්ෂ 14කට වැඩි පිරිසක් පැමිණ තිබෙනවා. ඇත්තටම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය 106%කින් වැඩි වී තිබෙනවා. 2023 වසරේදී මෙරටට ලක්ෂ 14කට වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවීම පිළිබඳව සංචාරක අමාත්‍යාංශය ලෙස අප සතුටට පත් වෙනවා. මේ වසරේ සංචාරක ව්‍යාපාරය තවදුරටත් දියුණු කරමින් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේදී සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරනවා. එමඟින් රටට ‍ඇමරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. එසේම සංචාරක කර්මාන්තය තුළ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ඉහළ සංචාරක ආකර්ෂණය ඇති ඇතැම් ස්ථානවල ප්‍රවේශපත්‍ර සඳහා වන මිල ගණන් ඉහළ දමා ඇති බවට වාර්තා වෙනවා. මේ සම්බන්ධව අමාත්‍යාංශය මට්ටමින් සොයා බැලීමට අප කටයුතු කරනවා. මෙම මිල ගණන් වැඩි කිරීම පිළිබඳව අප දැනුවත් නැහැ. ඇතැම් රාජ්‍ය ආයතන විසින් සිදුකර තිබෙන මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා චෝදනා ලබන්නේ සංචාරක අමාත්‍යාංශයයි. ඒ වගේම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සංචාරකයන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධව අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. එමඟින් සංචාරකයන් වෙනුවෙන් යම් සහනදායක වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකි වෙතැයි අප අපේක්ෂා කරනවා. සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙරට සංස්කෘතික ස්ථාන, දියඇලි මෙන්ම ඇල්ල, බණ්ඩාරවෙල ඇතුළු සංචාරක ප්‍රදේශවල විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අද වන විට සංචාරක කේෂ්ත්‍රයේ පිබිදීම අප අත්විඳිමින් සිටිනවා. ඒ වගේම ඉදිරියටත් සංචාරක කර්මාන්තය දියුණු කරමින් රටට විදේශ විනිමය ඉපයීමට කැපවී කටයුතු කරනවා” යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Post Views: 49
Previous Post

ජපාන ආධාර යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය – ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි

Next Post

කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය වල් වැදිලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

editor ttvnews

editor ttvnews

Next Post
කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය වල් වැදිලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය වල් වැදිලා - මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved