27 April 2024
#දේශීය #පුවත්

කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය වල් වැදිලා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්

වත්තේගම හුළු ගඟ මුස්ලිම් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී (10) පැවැත්විය.

මෙහිදී 2022 සහ 2023 වර්ෂයේදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වු සිසු සිසුවියන් ඇගයීමට ලක් විය.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය කුසලතා ආකල්ප සංවර්ධනය අත්හැරීම නිසා අධ්‍යාපන ප්‍රතිඵලය වල් වැදී ඇති බවත් , දැනුම කුසලතා පමණක් නොව යහපත් ආකල්පයන්ගෙන් හෙබි පුද්ගලයෙකු හෙට දවස වෙනුවෙන් පාසල් අධ්‍යාපනයෙන් බිහිකිරීම අවශ්‍ය බවත්, ජාති ආගම් වශයෙන් විවිධ ලේබල් ගසමින් අධ්‍යාපන වෙන්කිරීම සිදුනොකල යුත්තක් බවත් ය.
නබි තුමාගේ ඉල්ලීම වුණේ අනන්‍යන් ගැන හිතන සමාජයක් බවත් එවැනි සමාජයක් අද වන විට පවතීද යන්න ගැටලු සහගත බවත්, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු විවිධ පහසුකම් නොමිලේ ලබාදෙන ‍රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ යුතු බවත්, එම පහසුකම් වලට මිලක් ‍නියම කලේනම් රට වෙනුවෙන් කෙතරම් ප්‍රමාණයක් ණයක් පුද්ගලයෙකු මත පැටවෙන බව සිතා බලන ලෙසත් මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයාගේ සේවය අගය කරමින් සමරු තිළිණයක් ද ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීම සිදු වු අතර, මධ්‍යම පළාත් සභාවේ හිටපු සභික එම්.හාජා, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, පාසලේ විදුහල්පති එම්. රිස්වාන් , ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ලියන‍ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *