2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අගෝස්තු මස 04 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව විභාග කටයුතු අවසන් වන තෙක් මෙම තහනම බලපැවැත්වෙන අතර, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම මෙන්ම විභාගයට ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මගින් ප්‍රසිද්ධ කිරීමද සපුරා තහනම් වේ. 2026 උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනි දින සිට සැප්තැම්බර් 05 වැනි දින දක්වා මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට නියමිතය.
















