2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සුදුසුකම්ලත් ජාතික පාසල් ගුරුවරුන්ට http://nstt.moe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා කාලය තුළ මාර්ගගතව (Online) අයදුම් කිරීමට අවස්ථාව පවතී.
මාර්ගගතව අයදුම්පත් යොමු කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දීමට පියවර ගත යුතුය. අමාත්‍යාංශය විසින් පෞද්ගලිකව හෝ තැපැල් මාර්ගයෙන් සෘජුව යොමු කරන කිසිදු අයදුම්පතක් භාර නොගන්නා අතර, සියලුම අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් අනුමත වී අමාත්‍යාංශය වෙත ලැබීම අනිවාර්ය බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
















