මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ යාම ආරම්භ වී තිබේ. දැනට පවතින දත්තවලට අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
මෙම ගෝලීය මිල වැඩිවීම මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි බැවින්, ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව මෙරට ඉන්ධන මිල ද සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ආර්ථික විශ්ලේෂකයන් විසින් අවධාරණය කරනු ලැබේ.
මෙම අර්බුදය මැද පෙරදිග පවතින හෙයින්, එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කළ හැකි සාධකයක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. මෙය ජනප්‍රිය නොවන තීරණයක් වුවද, රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ලෝක වෙළෙඳපොළ මිලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම වඩාත් උචිත ක්‍රියාමාර්ගය බව ඔහු අවධාරණය කරයි. බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යාම ඉදිරියේදී මෙරට ආර්ථිකයට අභියෝගාත්මක විය හැකි බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















