2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, 2027 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන සිය ගිනිඅවි බලපත්‍ර අලුත්කිරීම හෙට (සැප්තැම්බර් 01) දිනෙන් ආරම්භ වන අතර, අදාළ සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම එම කටයුතු අවසන් කරගත යුතුය.
නිශ්චිත කාලසීමාව තුළ බලපත්‍ර අලුත් නොකරන ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව නීතිමය පියවර ගන්නා බවත්, 2026.09.01 දින සිට 2026.12.31 දක්වා කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි. එබැවින්, නියමිත කාලසීමාවට පෙර අදාළ අලුත්කිරීම් සිදුකර ගන්නා ලෙස මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටී.














