2027 ICC එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ සහ තරග කාලසටහන ICC විසින් නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ. දකුණු අප්රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව සමසත්කාරකත්වය දරන තරගාවලිය ඔක්තෝබර් 2 වැනිදා ආරම්භ වී නොවැම්බර් 21 වැනිදා අවසන් වේ. මෙවර කණ්ඩායම් 14ක් තරග 57කට සහභාගී වේ.
ශ්රී ලංකාව Group B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර එම කාණ්ඩයට New Zealand, South Africa, England සහ Bangladesh ද ඇතුළත් වේ. අනෙක් ස්ථානය Qualifier B කණ්ඩායමකට හිමි වේ. Group A කාණ්ඩයට India, Australia, Pakistan, Afghanistan සහ Zimbabwe සමඟ Qualifier A කණ්ඩායම ඇතුළත් වේ.
තරගාවලිය Namibia හි පැවැත්වෙන කණ්ඩායම් තුනක Super Series අදියරකින් ආරම්භ වන අතර, ඉන් පසුව කණ්ඩායම් 12ක් කාණ්ඩ දෙකකට බෙදී තරග කරනු ඇත. පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 17 වැනිදා Cape Townහිදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා Tshwaneහිදීත් පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා Johannesburgහිදී පැවැත්වේ.
















