අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී අද (01) සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය උපුටා දක්වමින් වාර්තා වේ.
මියගොස් ඇත්තේ ලන්තුවාහන්දි සුගත් නුවන් කුමාර ද සිල්වා නමැති පුද්ගලයෙකු බවත්, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පොලීසිය විසින් හඳුන්වා ඇති “ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු බවත් එම වාර්තාවල සඳහන් වේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.
මෙම පුද්ගලයාටම මීට පෙර 2026 අප්‍රේල් මාසයේදී අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබූ බවටද වාර්තා පළ වී තිබුණි.
















