• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

20 සංශෝධනය කියන්නේ යක්ෂාගමනයක් – ජවිපෙ

23 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝත්‍රික පවුලක් වටා බලය ගොඩනංවන රට අවුරුදු 40ක් පස්සට ගෙනයන අවජාතක දරුවෙක් වගේ 20 වැනි සංශෝධනය ඉදිරිපත්කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

අද (23) ජනතා විමුක්ති පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකදී බිමල් රත්නායක මහතා කියා සිටියේ ජනතාව විසින් 2/3ක පොහොට්ටුවට බලය දිලා පාර්ලිමේන්තුව මරලා දමා ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා මෙසේ අදහස් පල කළේය ” ඊයේ (22) 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 20 වැනි සංශෝධනය පසුගිය අගෝස්තු 28 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළා. ඒත් එක්කම සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. ඒ විවේචන හමුවේ 20 වැනි සංශෝධනය ලිව්වේ කවුද කියලා ඉදිරිපත් වීමටවත් ආණ්ඩුවේ ඇමතිවරුන් බය වුණා. අලි සබ්රි ඇමතිවරයා, ජී.එල්. පීරිස් ඇමතිවරයා වගේ කවුරුත් එහි වගකීම බාරගත්තේ නැහැ. ඒ නිසා මේක එක්සත් ජනපද කාර්යාලයෙන් ලිව්වාද කියන ප්‍රශ්නයක් මතු වුණා. මෙහි අඩංගු කරුණුවල ප්‍රජාතන්ත්‍රවිරෝධීභාවයේ තරම ඇමතිවරුන් ඉදිරිපත් නොවීමෙන්ම පැහැදිලි වෙනවා. ගෝත්‍රික පවුලක් වටා බලය ගොඩනංවන රට අවුරුදු 40ක් පස්සට ගෙනයන අවජාතක දරුවෙක් වගේ 20 වැනි සංශෝධනය ඉදිරිපත්කර තිබෙනවා.

මේ සංශෝධනය ගැසට් කළාට පසු කෙටුම්පත ගැන සලකා බලන්න කැබිනට් ඇමතිවරු පස්දෙනෙක් සහ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අග්‍රාමාත්‍යවරයා පත් කළා. මේ අනුව අගෝස්තු 28 වැනිදා ගැසට් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංශෝධන සහිත අලුත් එක ගේනවා කියලා ප්‍රකාශ කර තිබුණා. නමුත් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පරණ කෙටුම්පතමයි. අගමැතිවරයා පත්කළ කමිටුව විසින් අධ්‍යයනකර ලබාදුන් වාර්තාව මේ වන විට කළු කුහරයට දාලා තිබෙන බව පේනවා. 20 වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එදිනම අනුමත කරගැනීම ඉතාම දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් කෙටුම්පතක් අධ්‍යයනය කරන්න කැබිනට් සාමාජිකයන්ට සතියකවත් කාලයක් ලබාදෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක් ලබානොදීමෙන් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගෙන මේ වන විට ආණ්ඩුව හත්පොලේ ගාගෙන තිබෙනවා. සියල්ල ඩෝසර් කරගෙන යන බලයක් ඉදිරියේ අගමැතිවරයා පවා දැන් හීනෙන් බයවෙලා වගේ වැඩකරන්නේ. එහෙම නැත්නම් අගමැතිවරයාත් ඉන්න කැබිනට් මණ්ඩලයෙන් මේ කෙටුම්පත අනුමත කළ පසුව අධ්‍යයනය කරන්න කියලා අගමැති කමිටු දාන්නේ කොහොමද?

අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් හදන්නත් විශේෂඥ කමිටුවක් පත්කළා. එහෙම තිබියෙදී අයිතිකාරයෙක් නැති අවජාතක 20 කෙටුම්පත සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සිදුවී තිබෙන්නේ දිව විකාගෙන මේකට ඡන්දය දෙන්න. නමුත් අපි ජනතාවට පැහැදිලි කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ සංශෝධනය පරාජය කළ යුතු බවයි. ආණ්ඩුව තුළමත් එයට දැඩි විරෝධයක් තිබෙන බව පේනවා. මේ අතරේ ජනතාවගේ ඇහැට වැලි ගහලා ආණ්ඩුවේ 2/3කේ බලය යොදාගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල්වලින් ආණ්ඩුවේ විකෘති හැසිරීම් ජනතාවට දැකගන්න ලැබෙනවා. මේ සංශෝධන කෙටුම්පත ප්‍රගතිශීලී එකක් නම්, එය බාරගන්න අයිතිකාරයෝ බොහොම දෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් 20 මගින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලය ශක්තිමත් කරගන්න යන නිසා මේ වගකීම ගැන ප්‍රසිද්ධියේ කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂය, සජිත් පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ මේ පක්ෂ දෙක මොන වේශයෙන් හිටියත් 1978 සිටම ඔප්පු කරමින් තිබෙන්නේ ඔවුන් ජනතාවගේ කපටි ආරක්ෂකයන් බවයි. මොවුන් ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැල්ල පවා විනාශකර දමන්නයි උත්සහ කරන්නේ. මේ සංශෝධනය නිසා ජනතාවට සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් වගේම ජීවිතවලින් පවා වන්දිගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවෙන බවට අපි අනතුරු අඟවනවා. මේ නිසා මේ තත්ත්වයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙය පරාජයට පත්කරගන්න බැරි වුණොත් දිගුකාලීනව ජනතාව අතර, පරාජයට පත් කළ හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.

ඇතැම් අය, ආණ්ඩුවේ ඇමතිවරු පවා අපෙන් අහනවා මෙයට විරුද්ධ නම් අධිකරණයට යන්නේ නැත්තේ ඇයි කියලා. මේක හොරකමක් කළ කෙනෙක් අල්ලලා දඬුවම් කරනවා වගේ වැඩක් නොවෙයි. අධිකරණය කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන හරි වැරැද්ද බලන තැනක් නෙවෙයි. අධිකරණය සලකා බලන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කරනවාද? නැත්නම් 2/3ක බහුතරයක් ඕනෑද එසේත් නැත්නම් ජනමත විචාරණයකට යා යුතුද වගේ තාක්ෂණික කාරණා. මීට පෙර 18වැනි සංශෝධනය මගින් ලබාගත් ඒකාධිපති බලතල හරයාත්මකව 20වැනි සංශෝධනයේ තියෙනවා. 18 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව මතක්කර ගැනීම වැදගත්. හොඳද, නරකද කියලා සලකා බැලුවේ නැහැ. අධිකරණය තියෙන්නේ තාක්ෂණික පැත්තේ තිබෙන කරුණු ටික විසඳන්න. නමුත් මෙතැන ඇත්තටම තිබෙන්නේ දේශපාලන ගැටලුවක්. එය සමාජයේ ජනතාව අතර විසඳාගත යුතු දෙයක් මිස අධිකරණයේ භූමිකාවක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයත්, ඉතිරිවී තිබෙන ජනතාවගේ අයිතීන් ආරක්ෂාකර ගතයුතු බවත් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය. පාර්ලිමේන්තුවේ දී මෙය සම්මත කර, පාර්ලිමේන්තුවට ඉතිරිවී තිබෙන මුදල් පාලනය පිළිබඳ භූමිකාවත් මරාදානවා. ඒ වගේම නීති සම්පාදනයේ භූමිකාවත් මරාදානවා. ජනතාව 2/3කේ බලයක් ලබාදීලා මේ වෙනකොටත් පාර්ලිමේන්තුව මරාදාලා ඉවරයි.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිලත් දැන් 19 ගැන අඬනවා. මේ අය ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ෂකයන් හැටියටයි ඉන්නේ. ඒ බව පහුගිය පාලන කාලයේදී පෙන්නුවා. 2015දී රාජපක්ෂලාගේ කළු සල්ලි, කළු මාධ්‍ය මෙහෙයුම්වලට යට නොවී මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපිරිසට ජනවරමක් ලබාදුන්නා. ඒ ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා. නමුත් ඒ දෙපිරිසම ක්‍රියා කළේ ජනවරමට එරෙහිවයි. බොහොම අමාරුවෙන් සම්මත කරගත්ත 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන ඒකාධිපති බලතල ප්‍රමාණයක් අඩු කළා. මේ නිසාම 19 වැනි සංශෝධනය වැඩක් නැති බවට ජනමතයක් එදා ඉඳලාම රාජපක්ෂවරුන්ගේ පැත්තෙන් ගොඩනැගුවා. නමුත් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වගේම සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් 19 වැනි සංශෝධනයෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවා පාවාදුන්නා. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය අධිකරණයේදී පරාජයට පත්කළාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැමපැත්තෙන්ම හිරවුණා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඔහුගේ පැත්තෙන් කැබිනට් මණ්ඩලට ගෙනත් තිබුණා. අද සෝභිත හිමියන්ගේ පිළිරුව ඉස්සරහාට ගිහින් 20වැනි සංශෝධනයට විරෝධය පළකරන සජිත් පිළේ සියලුම දෙනා එදා එම කැබිනට් යෝජනාවට විරුද්ධව විශාල ඝෝෂාවක් ඇති කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පෞද්ගලික මන්ත්‍රී පනතක් හැටියට 20 වැනි සංශෝධනය ගෙන ආවත්, මේ දෙපිරිසම එය ක්‍රියාත්මක කරන්න තරම් සහයෝගයක් ලබාදුන්නේ නැහැ. විශේෂයෙන් අද සජිත් ප්‍රේමදාස පිල කපටි ආර්ෂකයන්ගේ භූමිකාව රඟපාමින් ජනතාව මුලා කරනවා.

මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ රටේ සම්පත් කොල්ල කන ආර්ථික දේශපාලනික ක්‍රියාවලිය ආරක්ෂා කිරීමට ගෙන එන, ඒ වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතිරිවී තිබෙන ටිකත් හකුළන, මේ සංශෝධනයට විරුද්ධයි. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. ඒ වගේම සමාජය තුළ මෙය පරාජයට පත්කිරීමේ ප්‍රමුඛ තම වැඩකොටස පක්ෂයක් හැටියට අපි ඉටුකරනවා.

 

Post Views: 1
Previous Post

මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

Next Post

ඔක්තෝම්බර් 01 වනදා සිට ග්‍රාම නිලධාරියාගේ සේවා කාලයේ වෙනසක්

editor

editor

Next Post

ඔක්තෝම්බර් 01 වනදා සිට ග්‍රාම නිලධාරියාගේ සේවා කාලයේ වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved