• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ නඩුවේ ඉන්දියානුවා ලබන මස 21 යළි අධිකරණයට කැඳවයි

23 October 2018
in දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා රහස් පොලිසිය ප්‍රශ්න කරමින් රඳවා සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මස 21 වනදා නිරීක්ෂණය සඳහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (23) නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් යන අය රහස් පොලිසියේදී තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි අද විවෘත අධිකරණයේදී ප්‍රකාශයක්සිදු කරමින් පිටු 20 යුත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය විමසා බලා මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කළාය.

දෙසැම්බර් මස 22 දක්වා රැදවුම් නියෝග ලබා සිටින ඔහු ඉදිරිපත් කළ ලිපිය අවශ්‍ය කටයුතු සහ අවධානය පිණිස රහස් පොලිසිය නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී පී අම්පාවිල මහතා වෙත යොමු කළ මහේස්ත්‍රාත් වරිය එම ලිපිය නඩුවට ගොනු නොකර සේප්පුවේ තබන ලෙස රෙජිස්ටර් වරියට දන්වා සිටියාය.

ත්‍රස්තවාචය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බව දැනුම් දුන් මහේස්ත්‍රාත් වරිය විදේශ ජාතිකයා අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත රැගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කළාය.

ඔහුට කිසිදු රෝග තත්ත්වයක් නැති බවත් රහස් පොලිසිය නරක් වූ ආහාර ලබා දෙන බවත් දින 34 රදවා තබා ගැනීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බවත් ඔහු අධිකරණයට වාචිකව දන්වා සිටියේය

අද විත්තිකරු විත්ති කූඩුවේ හිඳ කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව අධිකරණයට කරුණු දැක්වීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔහුට ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන් බන්ධනාගාරය මාර්ගයෙන් ලබා දෙන ලෙස නියෝග කර පැය තුනකට අධික කාලයක් ඉක්ම යාමෙන් අනතුරුව නඩුව නැවත කැදවමින් ඉහත නියෝග සිදු කළාය.

ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශය සිදු කළේය.

Post Views: 38
Previous Post

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් – ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

Next Post

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

editor

editor

Next Post

ක්‍රිකට් ආයතනයේ හිටපු මුල්‍ය අංශ ප්‍රධානියාව ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved