27 April 2024
#දේශීය

21 සහ 22 පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදින් ස්වයං නිරෝධානය වන ලෙස දැනුම් දෙයි

ඔක්තෝම්බර් මස 21 සහ 22 වන දින පාර්ලිමේන්තු රැස්වීම් ආවරණ කිරීමට ගිය ජනමාධ්‍ය වේදින් වහාම ස්වයං නිරෝධායනය වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් වෙත අදාල දැනුම් දීම සිදු කරමින් නිවේදනයේ සඳහන් කර ඇත්තේ ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබඳව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ දැනුවත් කල යුතු බවයි.

අදාල දිනවල පාර්ලිමේන්තු ගොස් ඇති මාධ්‍ය වේදීන්ට මේ පිළිබඳ කඩිනමින් දැනුවත් කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *