• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් තොරතුරු රැස් කරන නව “යෙදුම” (APP)ජනපතිට හඳුන්වා දෙයි

29 October 2020
in දේශීය

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

කොවිඩ් ආසාදිතයන්, ආශ්‍රිතයන්, නිරෝධායනය, PCR පරීක්ෂණ සේවා, නිරීක්ෂණ, තීරණ ගැනීම්, ආසාදිතයන්ට ආසන්නතම ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ඇතුළු අත්‍යාවශ්‍ය දත්ත රැසක් නව “යෙදුමෙන්” (App) ලබා ගැනීමට පිළිවන.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (29) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් මහත්මිය ප්‍රධාන කණ්ඩායම විසින් නව යෙදුම හඳුන්වාදෙනු ලැබීය.

අලුත්ම වර්ධනයන් පිළිබඳ තොරතුරු සෑම විටම දැනගත හැකි ලෙස “යෙදුම” සකස් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව 350කි. ඉන් 28කින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගෙන තිබේ. සෙසු ප්‍රදේශවලට පැතිරයාම වැළැක්වීමට හැකි උපරිම පියවර ගෙන ඇති බව කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සඳහන් කළහ.

වෛරසය පැතිරයාම වැළැක්වීමට පළමුවැනි, දෙවැනි, ආශ්‍රිතයන් ඇතුළුව 41,000ක් ස්වයං නිරෝධායනයට ලක් කර සිටිති. දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

අවස්ථා කිහිපයකදී කොවිඩ් ආසාදිතයන් වැඩිවීමට හේතු වූ කරුණු මනාව අවබෝධ කරගෙන නැවත එලෙස සිදු වීමට ඉඩ නොතැබිය යුතුය. කොළඹ නගර සභා සීමාව තුළ අඛණ්ඩව අහඹු පරීක්ෂණ සිදු කෙරිණ. එහෙත් අනපේක්ෂිත ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සැල සහ මිනුවන්ගොඩ ආශ්‍රිතව කොවිඩ් පොකුරු බිහි විය.

භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මගින් වෛරසය ප්‍රාදේශීයව පැතිරයාම වැළැක්වීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යාවශ්‍ය වේ. සෞඛ්‍ය නිර්දේශ හැකි උපරිමයෙන් අනුගමනය කිරීම සියලු තරාතිරම්වල පුද්ගලයන් සතු සමාජ වගකීමක් බව ජනාධිපතිවරයා කියා සිටියේය.

දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කළ යුතුය. කොවිඩ් පොකුරු ඇතිවිය හැකි තැන් පිළිබදව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අද (29) මධ්‍යම රාත්‍රී සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අදාළ කාලසීමාව තුළ සෞඛ්‍ය අංශ වෙත විශාල වැඩකොටසක් පැවරී ඇත. ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය. කිසිදු පොලිස් ස්ථානයකින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකෙරේ. එහෙත් අතිශය හදිසි අවශ්‍යතාවකදී ඊට ඉඩ ලැබේ.

අවදානම් කලාප තුළ මහජන ඒකරාශීවීම් සිදු නොවිය යුතුය. බස්නාහිර පළාතේ විවාහ මංගල්‍ය සහ ආගමික උත්සව ඇතුළු ජනතාව ඒකරාශීවන අවස්ථාවන්ට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු අරඹයි

Next Post

21 සහ 22 පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදින් ස්වයං නිරෝධානය වන ලෙස දැනුම් දෙයි

editor

editor

Next Post

21 සහ 22 පාර්ලිමේන්තු ගිය මාධ්‍යවේදින් ස්වයං නිරෝධානය වන ලෙස දැනුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved