27 April 2024
#දේශීය

21 විරුද්ධ නෑ … කල්ලියක් නිසා රට අගාධයට වැටුණා – විපක්ෂ නායක සජිත්

දිනෙන් දින රට අගාධයකට යන බවට ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණි ගත කිරීම් වලින් අනතුරු හඟවත්දීත් ඒ පිළිබඳව මායිම් නොකිරීම හේතුවෙන් අද රට බලවත් ව්‍යසනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන සේවයේ නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සමග අද (31) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

හිතුවක්කාරී තනි පුද්ගල ඒකාධිපතිත්වයක් සහ ඊට හිතවත් කල්ලියක් විසින් ගනු දෙනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් රටට මේ තත්ත්වය උදා වූ බව ද ඒ මහතා පැවැසීය.

පුද්ගල කේන්ද්‍රීයව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු නොවිය යුතු බව පැවසූ ඒ් මහතා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අරමුණ වන්නේ සංවරණ හා තුලන ක්‍රමවේදයට අනුගත වූ වැඩපිළිවෙලක් බව ද පැවසීය.

සමගි ජන බලවේගය විසිඑක් වන සංශෝධනයට විරුද්ධ යැයි ඇතැම් බංකොලොත් කණ්ඩායම් විසින් ප්‍රචාරයක් ගෙන යන බව පැවසූ විපක්ෂ නායකවරයා 21 රටට හඳුන්වා දුන් සමගි ජන බලවේගය ඊට විරුද්ධ වන්නේ මොන හේතුවකට දැයි ප්‍රශ්න කර සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *