ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමේ අවසාන දිනය මේ මස (අගෝස්තු) 31 වන සඳුදාට යෙදී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම් විභාගය අවසන් කර දින 21ක් ඇතුළත සිය තීරණය ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට දැනුම් දිය යුතු වේ. ඒ අනුව, ලබන සැප්තැම්බර් 21 දිනට පෙර අදාළ අධිකරණ තීන්දුව ලබා දීමට නියමිතය.
















