සමාජ මාධ්‍ය ඔස්සේ ගිණුමක් සාදා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි අද (28) නියෝග කළේය.
ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙලෙස අසභ්‍ය ඡායාරූප අලෙවි කර මුදල් උපයා ඇති බවත්, එම සමාජ මාධ්‍ය ගිණුම සමඟ 8,000කට අධික පිරිසක් (followers) සම්බන්ධ වී සිටින බවත් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.














