තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගයෙන් සකස් කර ඇති නව ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමේ වැඩසටහනේ 6 වැනි පළාත් මට්ටමේ සාකච්ඡාව ඊයේ (25දා) කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
මීට පෙර මෙම කෙටුම්පත පිළිබඳව පළාත් මට්ටමින් සාකච්ඡා 5ක් පවත්වා ඇති අතර, වයඹ පළාත් සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය දිසානායක සහ සුජීව දිසානායක, තරුණ කටයුතු අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ Youth Club තරුණ නායක නායිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.














