රුසියාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ත්‍රෛපාර්ශ්වික හමුවක් නොපැවැත්වෙනු ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු සහ යුක්‍රේන සාකච්ඡාකරුවන් අතර අඛණ්ඩව සම්බන්ධතා පවතින බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව සැප්තැම්බර් මස අවසාන භාගයේදී බලශක්ති සහ ධාන්‍ය ප්‍රවාහනය සම්බන්ධ සාකච්ඡාවලදී ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වා දී ඇත.
රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණය සැප්තැම්බර් මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.














