විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ගෙන ආ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය පළ කරමින් සභාගර්භය තුළ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත විය. අධිකරණයේ ස්වාධීනත්වයට දේශපාලන බලපෑම් එල්ල වීම සහ ප්රජාතන්ත්රවාදී සංකල්ප පහත හෙළීම දැඩි ලෙස විවේචනය කරමින් විපක්ෂය මෙම පියවර ගෙන ඇත.














