ඇසුරුම් පෙට්ටි (Corrugated carton) නිෂ්පාදනයේ නියුතු මෙරට ප්රමුඛ පෙළේ සමාගමක් වන Ex-pack Corrugated Cartons PLC සමාගම, අප්‍රිකානු කලාපයට තම නිෂ්පාදන මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැම්බියාවේ නව නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී.
සැම්බියාවේ මෙම යෝජිත ආයෝජනය සඳහා සමාගමේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය පසුගිය අගෝස්තු 13 දින හිමිවී ඇති අතර, ඊට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අනුමැතියද මේ වන විට ලැබී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා තිබේ. Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින මෙම ප්රමුඛ පෙළේ ඇසුරුම් නිෂ්පාදන සමාගම, දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කරමින් මෙරට කීර්තිනාමය විදෙස් රටවලදී තවදුරටත් ඉහළ නංවාලීමට මෙමඟින් අපේක්ෂා කරයි.














