රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබේ. ඉන් පෙත්සම් 41ක් මාර්ගගත (online) ක්‍රමයට ගොනු කර තිබීම විශේෂත්වයකි. මීට අමතරව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්ද පෙත්සම් 05ක් ගොනු කර ඇත.
මෙම සියලු පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නොතිසි යවා ඇත.
















