වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ඇති කිරීමේ යෝජනාව අධ්‍යයනය කිරීමට සහ ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි පත් කර ඇති මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා කටයුතු කරයි.
මෙම කමිටුව මගින් යෝජිත අතරමැදි ශ්‍රේණිය නිර්වචනය කිරීම, ඊට ඇතුළත් වන වෛද්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීම, වෛද්‍ය නිලධාරීන් අදාළ ක්ෂේත්‍රයට තෝරා ගැනීමේ පටිපාටිය සහ කාල සීමාව මෙන්ම හිමිවන ප්‍රතිලාභ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය.
















